කොස්ගස් හෙලිම් අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී සැලකිය යුතු කරුණු 

  • කොස්ගස් හෙලීමට ඉල්ලුම් කිරිමට ප්‍රථම (ඉඩකඩ පවතින ආකාරයට) කොස් පැළ පහක් පමණ සිටුවා තිබිය යුතු අතර, හෙළීමට ඉල්ලූ ගස පරීක්ෂා කරන අවස්ථාවේදී එසේ කටයුතු කර නොමැති නම් අයදුම්පත්‍රය නිර්දේශ කරනු නොලැබේ. 
  • කොස්ගස පිහිටි ඉඩම් මුල් ඔප්පු පිටපත ග්‍රාම නිලධාරී වෙත ඉදිරිපත් කර එහි පිටපතක් ග්‍රාම නිලධාරීගෙන් ලබා සහතික කර ඉදිරිපත් කළ යුතුය.
  • කොස්ගස පිහිටි ඉඩම නොබෙදූ ඉඩමක් නම් ඉල්ලුම්කරු විසින් භුක්ති විදින ඉඩම් කොටසේ හෙළීමට ඉල්ලනු ලබන කොස් ගස පිහිටා ඇති බවට ග්‍රාම නිලධාරි මගින් නිර්දේශයක් ගත යුතුය.
  • කොස්ගස පිහිටා ඇති ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් ජීවිත භුක්තියක් පවතී නම් ජීවිත භුක්තිකරු ගස හෙළීමට කැමැත්ත ප්‍රකාශ කළ යුතුය. ඔහු මියගොස් ඇත්නම් මරණ සහතිකය හෝ ග්‍රාම නිලධාරියාගේ නිර්දේශය ලබාගත යුතුය. 
  • දැව ලබාගැනීම සදහා කොස්ගස් හෙළීමට ඉල්ලා සිටින විට නිවසේ සැලැස්ම හෝ අවශ්‍ය කරන දැව ලැයිස්තුව ඉදිරිපත් කළ යුතුය. (නිවසේ සැලැස්ම ග්‍රාම නිලධාරී සහතික කළ යුතුය)
  • ගස පිහිටි ඉඩමට වෙනත් අයිතිකරුවන් සිටී නම් ඔවුන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි ඉදිරිපත් කළ යුතුය. (ග්‍රාම නිලධාරී නිර්දේශය සමඟ)
  • කොස්ගස් හෙළීමට අවසර ලබාදිය හැකි අවස්ථා අයදුම්පත්‍රයේ අංක 10 යටතේ ඇති වගන්තිවලින් දක්වා ඇත. 
  • ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් පිටත නිවසක් ඉදි කරන අවස්ථාවන්හිදී අදාල වසමේ ග්‍රාම නිලධාරීගෙන් නිවසක් සාදන බවට සහතිකයක් හා එම නිවසේ සැලැස්මේ පිටපත සහතික කර තිබිය යුතුය.
  • ගස පිහිටි ඉඩම බැංකුවට හෝ වෙනත් ආයතනයකට උකස් කර ඇති අවස්ථාවකදී බැංකුවෙන් හෝ අදාල ආයතනයෙන් ගස හෙලීමට කැමැත්ත ප්‍රකාශ ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

News & Events

14
Jun2026
ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස්...

06
Jun2023
Poson Udanaya in Galigamuwa - "Bethi Gee Saraniya" -2023

Poson Udanaya in Galigamuwa - "Bethi Gee Saraniya" -2023

Poson Udanaya in Galigamuwa – Bathi Gee...

Scroll To Top