ගලිගමුව කොට්ඨාශයට අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරී නිලධාරීන් සදහා එක් ව්‍යාපෘතියක් සකස් කිරීම සදහා ප්‍රාදේශීය ලේකම්තුමන් විසින් උපදෙස් ලබා දී තිබුණ අතර ඒ අනුව කාබනික පොහොර ප්‍රචලිත කිරිමේ වැඩසටහන රට පුරා ව්‍යාප්ත කරන පසුබිමක් තුළ ගෙවත්තට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ ව්‍යාපෘතියක් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මේෆීල්ඩ් වසමට අනුයුක්ත අභ්‍යාසලාභී උපාධීධාරීන් විසින් මේෆීල්ඩ් වසම කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන ලදී.
නිවසේ එකතුවන කාබනික අපද්‍රව්‍යවලට විසදුමක් ලෙස සහ වසවිසෙන් තොර ආහාර පරිභෝජන රටාවකට ජනතාව මෙන්ම ගොවි ජනතාව හුරු කිරීමේ උතුම් පරමාර්ථය ඇතිව සංවිධානය වූ මෙම ව්‍යාපෘතිය තුළින් මේෆීල්ඩ් වසමේ ජනතාව වෙත කැළි කසල බැහැර කිරීමට අවශ්‍ය බැරල් ලබා දීම සිදුකෙරිණි. මේ තුළින් බැරල් ක්‍රමයට කොම්පෝස්ට් පොහොර නිපදවීමට නියමිතව ඇත.
ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදේශකත්වය මෙම ව්‍යාපෘතිය සදහා ලැබුන අතර මේ සදහා බැරල් ලබාදීමේ අනුග්‍රාහකත්වය දක්වන ලද්දේ MAS පැබ්රික් ආයතනයට අනුයුක්ත ට්රිෂෙල් පැබ්රික් ආයතනයේ කළමණාකාර දේවින්ද රත්නායක මහතා විසිනි.


















