ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ ගලිගමුව කොට්ඨාශයේ බෞද්ධාගමික කටයුතුවලට මෙන්ම ජාතික මට්ටමේ බෞද්ධ වැඩසටහන් සඳහා පූර්ණ අනුග්‍රහයන් නිරතුරුවම ලබා දීමට කටයුතු කරනු ලබයි.

ඒ අනුව 2026.04.21 දින ලෝකයට සාමය ප්‍රාර්ථනා කරමින් දඹුල්ලෙන් ඇරඹුන ජාත්‍යන්තර සාම පාගමන ගලිගමුව කොට්ඨාශයට පාද නමස්කාරය පිළිගැනීම 2026.04.25 දින සවස් භාගයේ දී සිදු කෙරිණි. මෙහි ප්‍රධානත්වය දරණ වියට්නාම ජාතික පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලාට ගිලන්පස ලබා දීම හා උන් වහන්සේලාට විඩාව නිවාගැනීම සඳහා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය පිළිවෙතින් සූදානම් කොට තිබීමට හැකි වීම ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අප ලද භාග්‍යයයක් මෙන්ම ගෞරවයකි.

මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන වැලිපිටිය මැතිතුමා, ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමන් ප්‍රමුඛ මන්ත්‍රීවරුන්, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් සහ වැඩබලන දිස්ත්‍රික් ලේකම් කුසුම් බණ්ඩාර මහත්මිය, අත්රේක දිස්ත්‍රික් ලේකම්(ඉඩම්) දිලිප් නිශාන්ත මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා ප්‍රියදර්ශණී මහත්මිය, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමා ප්‍රමුඛ සමස්ථ කාර්යමණ්ඩලය සහභාගි වූහ.

පොසොන් පොහොය නිමිත්තෙන් “ගලිගමුවේ පොසොන් උදානය - බැති ගී සරණිය” වැඩසටහන යටතේ 2023.06.03 දින, පිහිටක් අවැසි ගලිගමුවේ ජනතාවගේ කුසගිනි නිවීමේ අරමුණින් වටිනා වියළි ආහාර මල්ලක් ලබාදීම සිදු කරන ලදී. ක්ෂේත්‍ර නිලධාරින්ගේ පෞද්ගලික ධනයෙන් ඇරඹුන මෙම සද්කාර්යය සදහා ගලිගමුවේ වෙළද ප්‍රජාවද සහයෝගය දක්වන ලදී. ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මෙම වියළි ආහාර ද්‍රව්‍ය පවුල් 28 ක් සඳහා බෙදා දුන් අතර ඒ වෙනුවෙන් වැය කල මුදල රු. 100,000/- කට අධිකය. මෙම පුන්‍යකර්මය සදහා ක්ෂේත්‍ර අංශය, සමාජසේවා අංශය, ඉඩම් අංශය, මෙහෙයුම් අංශය සහ පෙරටු කාර්යාලය නිලධාරීන් දායකත්වය සැපයූ අතර ඔවුන් සැමටත් මේ සදහා සහය සැපයූ ව්‍යාපාරික ප්‍රජාවටත් කෘතවේදීත්වය පිරිනමමු.   

ඉහත තේමාවට අනුව 2022 අලුත් අවුරුද්දෙන් පසුව රාජකාරී ආරම්භ කිරීම 2022.04.18 වන දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාවය ඉහළ නැංවීමේ වැඩසටහන් නිරන්තරයෙන්ම ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබන අතර ඒ යටතේ සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩ නැංවීම උදෙසා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.09.15 දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ ගලිගමුව කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 4 ක් ඒකාබද්ධ කර ගනිමින් දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවය නැංවීම සදහා වොලිබෝල් තරගාවලියක් 2022.04.11 දින කොබ්බෑවල කීර්තිරත්න විදුහල් ක්‍රීඩාපිටියේදී පවත්වන ලදී.

News & Events

14
ජූනි2026
ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස්...

06
ජූනි2023
ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

පොසොන් පොහොය නිමිත්තෙන් “ගලිගමුවේ පොසොන් උදානය -...

Scroll To Top