පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රුධිර අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට තරම් රුධිර සංචිත ලේ බැංකුව සතුව නොමැති අවස්ථාවක යුගයේ අවශ්‍යතාවය සපුරමින් ජීවිතයක් ජීවත් කරවීමට අවැසි ලේ දන්දීමේ වැඩසටහනක් 2022.01.27 දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ මගපෙන්විම මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සුබසාධක සංගමය මෙම වැඩසටහන සංවිධානය කල අතර ගලිගමුව කොට්ඨාශයේ ජනතාව ද ලේ දන්දීම සදහා ඉදිරිපත් වූ අතර නිලධාරීන් රැසක් මෙම අවස්ථාවේදී ලේ දන්දෙන ලදී.






















