පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රුධිර අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට තරම් රුධිර සංචිත ලේ බැංකුව සතුව නොමැති අවස්ථාවක යුගයේ අවශ්‍යතාවය සපුරමින් ජීවිතයක් ජීවත් කරවීමට අවැසි ලේ දන්දීමේ වැඩසටහනක් 2022.01.27 දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
තවත් කියවන්න: දැයේ අවශ්‍යතාවය වෙනුවෙන් ගලිගමුවේ ජනතාව හා නිලධාරිහු ලේ දන්දෙති......
ශ්‍රී ලංකා ද්වීපයට නිදහස ලැබී වසර 74 සපිරීම නිමිත්තෙන් වූ 74 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිදහස් සැමරුම 2022.02.04 දින චාම් හා අභිමානවත්ව පැවැත්විණි.
තවත් කියවන්න: 74 වන නිදහස් සැමරුම ගලිගමුවේදී අභිමානයෙන් සැමරේ....
ගලිගමුව කොට්ඨාශයට අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරී නිලධාරීන් සදහා එක් ව්‍යාපෘතියක් සකස් කිරීම සදහා ප්‍රාදේශීය ලේකම්තුමන් විසින් උපදෙස් ලබා දී තිබුණ අතර ඒ අනුව කාබනික පොහොර ප්‍රචලිත කිරිමේ වැඩසටහන රට පුරා ව්‍යාප්ත කරන පසුබිමක් තුළ ගෙවත්තට අවශ්‍ය කොම්පෝස්ට් පොහොර ප්‍රමාණය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ ව්‍යාපෘතියක් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මේෆීල්ඩ් වසමට අනුයුක්ත අභ්‍යාසලාභී උපාධීධාරීන් විසින් මේෆීල්ඩ් වසම කේන්ද්‍ර කර ගනිමින් සිදුකරන ලදී.
තවත් කියවන්න: ගලිගමුවවේ උපාධිධාරී අභ්‍යාසලාභීන්ගෙන් සාර්ථක ව්‍යාපෘතියක් ------
Page 2 of 2

















