ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ ගලිගමුව කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 4 ක් ඒකාබද්ධ කර ගනිමින් දරුවන්ගේ ක්‍රීඩා කුසලතාවය නැංවීම සදහා වොලිබෝල් තරගාවලියක් 2022.04.11 දින කොබ්බෑවල කීර්තිරත්න විදුහල් ක්‍රීඩාපිටියේදී පවත්වන ලදී.

බක්මහේ සැබෑ අරමුණ වන සාමුහිකත්වය, සමගිය තුළින් අවුරුද්දේ සතුට තරුණ පරපුර වෙත ලබා දීම සදහා මෙම වොලිබෝල් තරගාවලිය සංවිධානය කල අතර මෙහි සමාරම්භය සදහා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් සුරංගි අධිකාරී මහත්මිය සහභාගි වූහ. මෙම තරගාවලිය සදහා ගලිගමුව, බල්ලපාන පාතබාගේ, බල්ලපාන උඩබාගේ සහ පෙහෙරඹේ යන වසම්වල වොලිබෝල් ක්‍රීඩාවේ නිරත වන දරු දැරියන් රැසක් සහභාගි වූ අතර ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට කුසලතා සම්මාන පිරිනමන ලදී.

මෙම අවස්ථාවට වසම්භාර නිලධාරීන් සියලුදෙනා සහභාගි වූ අතර තරගාවලිය සංවිධානය කරන ලද ගලිගමුව, බල්ලපාන පාතබාගේ, බල්ලපාන උඩබාගේ සහ පෙහෙරඹේ වසම්වල නවක සංවර්ධන නිලධාරීන් වෙත විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුය.

News & Events

14
ජූනි2026
ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස්...

06
ජූනි2023
ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

පොසොන් පොහොය නිමිත්තෙන් “ගලිගමුවේ පොසොන් උදානය -...

Scroll To Top