පොසොන් පොහොය නිමිත්තෙන් “ගලිගමුවේ පොසොන් උදානය - බැති ගී සරණිය” වැඩසටහන යටතේ 2023.06.03 දින, පිහිටක් අවැසි ගලිගමුවේ ජනතාවගේ කුසගිනි නිවීමේ අරමුණින් වටිනා වියළි ආහාර මල්ලක් ලබාදීම සිදු කරන ලදී. ක්ෂේත්‍ර නිලධාරින්ගේ පෞද්ගලික ධනයෙන් ඇරඹුන මෙම සද්කාර්යය සදහා ගලිගමුවේ වෙළද ප්‍රජාවද සහයෝගය දක්වන ලදී. ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මෙම වියළි ආහාර ද්‍රව්‍ය පවුල් 28 ක් සඳහා බෙදා දුන් අතර ඒ වෙනුවෙන් වැය කල මුදල රු. 100,000/- කට අධිකය. මෙම පුන්‍යකර්මය සදහා ක්ෂේත්‍ර අංශය, සමාජසේවා අංශය, ඉඩම් අංශය, මෙහෙයුම් අංශය සහ පෙරටු කාර්යාලය නිලධාරීන් දායකත්වය සැපයූ අතර ඔවුන් සැමටත් මේ සදහා සහය සැපයූ ව්‍යාපාරික ප්‍රජාවටත් කෘතවේදීත්වය පිරිනමමු.   

ඉන් අනතුරුව  ගලිගමුව කොට්ඨාශයේ දහම්පාසල් දරුවන් , පාසල් ගුරුභවතුන්, සහෝදර රජයේ ආයතනවල නිලධාරීන් හා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් එක්ව බැති ගී ප්‍රසංගයක් පවත්වන ලදී. ගලිගමුව ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ප්‍රසංගය තුලින් සැම සිත් පහන් කරන්නට ලැබීම සතුටට කරුණකි. මෙහිදී පොසොන් කූඩු තරගයක් ද සංවිධානය කර තිබූ අතර ජයග්‍රාහකයින්ට ත්‍යාග මුදල් ලබා දීමට නියමිතය.ඉන් අනතුරුව  ගලිගමුව කොට්ඨාශයේ දහම්පාසල් දරුවන් , පාසල් ගුරුභවතුන්, සහෝදර රජයේ ආයතනවල නිලධාරීන් හා ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් එක්ව බැති ගී ප්‍රසංගයක් පවත්වන ලදී. ගලිගමුව ප්‍රාදේශීය ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ප්‍රසංගය තුලින් සැම සිත් පහන් කරන්නට ලැබීම සතුටට කරුණකි. මෙහිදී පොසොන් කූඩු තරගයක් ද සංවිධානය කර තිබූ අතර ජයග්‍රාහකයින්ට ත්‍යාග මුදල් ලබා දීමට නියමිතය.


ගලිගමුවේ පොසොන් උදානයට සමගාමීව ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රධාන සුබසාධක සංගමය සහ අංශ මට්ටමේ සුබසාධක සංගම් එකමුතුවේ සහයෝගීත්වයෙන් කඩල දන්සැලක් එදින රාත්‍රීයේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පවත්වන ලදී. 


මෙම අවස්ථාවට ගලිගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගරු සමන් ජයසිංහ මහතා, සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් උදාකර මහතා, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රන්ජන් ජයසිංහ මැතිතුමා, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) දිනීෂා රත්නායක මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දිලිප් නිශාන්ත මහතා, ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මහතා, පරිපාලන නිලධාරී අනුරාධා සිරිසේන මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

News & Events

14
ජූනි2026
ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස්...

06
ජූනි2023
ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

පොසොන් පොහොය නිමිත්තෙන් “ගලිගමුවේ පොසොන් උදානය -...

Scroll To Top