ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව හා ඵලදායිතාවය ඉහළ නැංවීමේ වැඩසටහන් නිරන්තරයෙන්ම ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබන අතර ඒ යටතේ සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩ නැංවීම උදෙසා රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2022.09.15 දින ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාව මගින් සංවිධානය කරන ලද කෑගලු දිස්ත්‍රික් පළමු වැඩසටහන ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් වෙනුවෙන් සිදු කරන ලද අතර මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ (නීති) අමා විජේසිංහ මහත්මිය හා දූෂණ නිවාරණ නිලධාරී ශිලාමේඝ වැලිතොටගේ මහතා, ශම්මි ශ්‍රී ලාල් මහතා සහ රුශාන්ති දිල්ෂානි මහත්මිය විසිනි.

















