දැව ප්‍රවාහන බලපත්‍ර අයදුම්පතක් සමඟ ඉදිරිපත් කළ යුතු අනෙකුත් ලේඛන
- දැව කපන ලද ඉඩමේ ඔප්පු පිටපත
- ඉඩම නිරවුල් නොවේ නම් හා නොබෙදූ ඉඩමක් නම් අනිකුත් හවුල්කරුවන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපි හෝ තමාගේ ඉඩම් කොටස නිරවුල්ව භුක්ති විදින බවට ග්‍රාම නිලධාරී වාර්තාව සහිත ලිපිය
- ජීවිත භුක්තියට යටත් නම් අදාල හිමිකරුවන්ගේ කැමැත්ත / ජීවිත භුක්තිකරු මියගොස් ඇත්නම් මරණ සහතිකය හෝ මියගොස් ඇති බවට ග්‍රාම නිලධාරී වාර්තාව
- දැව ලැයිස්තුව
- මිලදී ගැනීම් ඇත්නම් නිවැරදි කුවිතාන්සි
- තහනම් දැව ඇත්නම් කැපුම් බලපත ( කොස්, රටදෙල් සහ ගැහැණු තල් )
- නිවසක් ඉදිකිරිමට අදාල කාර්යයන් සඳහා දැව ලබාගන්නේ නම් නිවසක් තිබෙන බවට / ඉදිකරන බවට නිවස පිහිටි වසමේ ග්‍රාම නිලධාරී සහතික කරන ලද ලිපිය
- ගස් දෙකකට වැඩි ප්‍රමාණයක් ඇත්නම් අඩවි වන කාර්යාලයට යැවීම සඳහා අමතර පිටපතක්
- ඉහත ලිපි ලේඛන සමඟ අයදුම්පත අදාල වසමේ ග්‍රාම නිලධාරී වෙත යොමු කර ග්‍රාම නිලධාරී වාර්තාවක් ලබාගැනීම
- අවඩි වාර්තාව ලබාගැනීම
- එම වාර්තාව සහිත අයදුම්පත් සහකාර ප්‍රාදේශීය ලේකම්ගේ නිර්දේශයට හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතියට ඉදිරිපත් කිරීම.
- අනුමත අයදුම්පතට මුදල් ගෙවීම
- අදාල වසමේ ග්‍රාම නිලධාරී නිර්දේශයට සහිතව ප්‍රවාහනය සඳහා දිනයක් ලබාගැනීම.














