නිවසක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

• උපත සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න.

• ග්‍රාම නිලධාරී  විසින් උපත පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.

• උපත ලියාපදිංචි කරනු ලබන්නේ උපත සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා විසිනි.

• නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා වෙත ලබා දෙන්න. ප්‍රකාශය රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබා ගත හැක.

• දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්

                   - පියා

                   - මව

                   - උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයින් / භාරකරුවන්

• උපත සිදු වී මාස 03ක් ඇතුලතදී උපත නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.

• උපත සිදු වී මාස 03කින් පසුවද උපත ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.

• දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතිකයක් නිකුත් කරනු ලැබේ.

News & Events

22
ඔක්2026
අභ්‍යන්තර කටයුතු ඒකකය

අභ්‍යන්තර කටයුතු ඒකකය

සුපිළිපන් රාජ්‍ය සේවයක් උදෙසා ඔබත් දායකවන්න.  

14
ජූනි2026
ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස්...

Scroll To Top