නිවසක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

• උපත සිදුවී දින 07ක් ඇතුලත ග්‍රාම නිලධාරී වෙත දැනුම් දෙන්න.

• ග්‍රාම නිලධාරී  විසින් උපත පිළිබඳව වාර්තාවක් ප්‍රදේශයේ රෙජිස්ට්‍රාර් වෙත යවනු ලැබේ.

• උපත ලියාපදිංචි කරනු ලබන්නේ උපත සිදුවූ ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා විසිනි.

• නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රකාශය ප්‍රදේශයේ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් වරයා වෙත ලබා දෙන්න. ප්‍රකාශය රෙජිස්ට්‍රාර්වරයාගෙන් ලබා ගත හැක.

• දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්

                   - පියා

                   - මව

                   - උපන් අවස්ථාවේදී ළඟ සිටි පුද්ගලයින් / භාරකරුවන්

• උපත සිදු වී මාස 03ක් ඇතුලතදී උපත නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.

• උපත සිදු වී මාස 03කින් පසුවද උපත ලියාපදිංචි කරවා ගැනීමට හැකියාව ඇති අතර ඒ සඳහා කල් ගත වූ උපත් ලියාපදිංචි කිරීමේ විස්තර බලන්න.

• දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතිකයක් නිකුත් කරනු ලැබේ.

News & Events

14
ජූනි2026
ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස්...

06
ජූනි2023
ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

පොසොන් පොහොය නිමිත්තෙන් “ගලිගමුවේ පොසොන් උදානය -...

Scroll To Top