ග‍්‍රාමීය රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
• උපතක් ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ ප‍්‍රදේශයේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයා විසිනි.
• උපත සිදු වූයේ ග‍්‍රාමීය රෝහලක නම්, එම ප‍්‍රදේශයේ සිටින රෙජිස්ට‍්‍රාර්වරයාට උපත ලියාපදිංචි කිරීමට දැනුම් දෙන්න.
• උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- පියා
- මව
- දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
- දරුවා භාරව සිටින පුද්ගලයින් - රෝහලේ වෛද්‍ය නිලධාරී
• උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය, උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයාගෙන් ලබාගන්න.
• ඉදිරිපත් කළයුතු ලියවිලි
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ප‍්‍රකාශය
- උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
• මාස 03 ක කාල සීමාවක් ඇතුළතදී උපතක් නොමිලේ ලියාපදිංචි කරවා ගත හැක.
• දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලැබේ.
• වැඩිදුර විස්තර අවශ්‍ය වන්නේ නම් ළඟම පිහිටි ප‍්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට‍්‍රාර්වරයා හමුවන්න.














