මහ රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

• උපත ලියාපදිංචි කර ගැනීම සඳහා උපත සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයාට දැනුම් දෙන්න.

• උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,

- පියා 

- මව 

- දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන් 

- දරුවා භාරව සිටින පුද්ගලයන් - රෝහලේ වෛද්‍ය නිලධාරී

• උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය, වෛද්‍ය රෙජිස්ට‍්‍රාර්වරයාගෙන් ලබාගන්න.

• ඉදිරිපත් කළයුතු ලියවිලි

- නිවැරදිව සම්පූර්ණ කරන ලද ප‍්‍රකාශය

- උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව

• මාස 03ක කාල සීමාවක් ඇතුළතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.

• දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලබයි.

News & Events

22
ඔක්2026
අභ්‍යන්තර කටයුතු ඒකකය

අභ්‍යන්තර කටයුතු ඒකකය

සුපිළිපන් රාජ්‍ය සේවයක් උදෙසා ඔබත් දායකවන්න.  

14
ජූනි2026
ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස්...

Scroll To Top