මහ රෝහලක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම
• උපත ලියාපදිංචි කර ගැනීම සඳහා උපත සිදු වූ මහ රෝහලේ සිටින උප්පැන්න හා මරණ රෙජිස්ට‍්‍රාර්වරයාට දැනුම් දෙන්න.
• උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,
- පියා
- මව
- දරුවා උපන් වේලාවේ එහි සිටි පුද්ගලයන්
- දරුවා භාරව සිටින පුද්ගලයන් - රෝහලේ වෛද්‍ය නිලධාරී
• උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය, වෛද්‍ය රෙජිස්ට‍්‍රාර්වරයාගෙන් ලබාගන්න.
• ඉදිරිපත් කළයුතු ලියවිලි
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ප‍්‍රකාශය
- උපත සිදු වූ බව තහවුරු කිරීමට රෝහලෙන් නිකුත් කළ වාර්තාව
• මාස 03ක කාල සීමාවක් ඇතුළතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.
• දැනුම් දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලබයි.














