විදේශයක සිදු වූ උපතක් ලියාපදිංචි කිරීම

• ශ්‍රී‍්‍ර ලාංකික මව්පියන්ට දාව විදේශයන්හි උපත ලබන දරුවන්ගේ උපත් ලියාපදිංචි කරගත හැක.

• උපත ලියාපදිංචි කරන්නේ උපත සිදු වූ රටේ පිහිටි ශ්‍රී‍්‍ර ලංකා තානාපති / ශ්‍රී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙනි.

• උපත ලියාපදිංචි කිරීම සඳහා දැනුම් දීමට සුදුසුකම් ලත් පුද්ගලයන්,

- පියා

- මව

- භාරකරු

• උපත දැනුම් දීම සඳහා අවශ්‍ය ප‍්‍රකාශය ශ්‍රී‍්‍ර ලංකා තානාපති / ශ්‍රී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකිය.

• ඉදිරිපත් කළ යුතු ලියවිලි,

- නිවැරදිව නම් කරන ලද ප‍්‍රකාශය

- උපත තහවුරු කිරීමට අදාල ලියවිලි

• මාස 03ක කාල සීමාවක් ඇතුලතදී උපතක් නොමිලයේ ලියාපදිංචි කරවා ගත හැක.

• දැනුම්දෙන්නා වෙත නොමිලයේ උප්පැන්න සහතික පිටපතක් නිකුත් කරනු ලබයි.

• විදේශයකදී උපත ලද, උපත ලියාපදිංචි නොවූ දැනට ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණ සිටින පුද්ගලයන්ගේ උපත්  ලියාපදිංචි කරවා ගත හැක. ඒ සඳහා අවශ්‍ය තොරතුරු රෙජිස්ට‍්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ  මධ්‍යම ලේඛනාගාරයේ සහකාර රෙජිස්ට‍්‍රාර් ජනරාල්වරයාගෙන් ලබා ගන්න.

News & Events

22
ඔක්2026
අභ්‍යන්තර කටයුතු ඒකකය

අභ්‍යන්තර කටයුතු ඒකකය

සුපිළිපන් රාජ්‍ය සේවයක් උදෙසා ඔබත් දායකවන්න.  

14
ජූනි2026
ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස්...

Scroll To Top