උප්පැන්න ලේඛනයක ඇතුළත් විස්තර සංශෝධනය කිරිම
• උප්පැන්න ලියාපදිංචි කිරීමේ සටහන
• 01 තීරයෙහි විස්තර (උපන් දිනය සහ උපන් ස්ථානය)
• 03 තීරයෙහි විස්තර (ස්ත්‍රී/පුරුෂ භාවය)
• 05 තීරයෙහි විස්තර (මවගේ තොරතුරු සියල්ල) (උපත ලියාපදිංචි කිරීමෙන් පසු මවගේ නම වෙනස් කර ඇති විට, නම සංශෝධනය මෙම ප්‍රතිපාදන යටතේ කළ නොහැක.)
• 09 තීරයෙහි විස්තර (දැනුම් දෙන්නාගේ තොරතුරු) නිවැරදි කිරීම කළ හැකිය.
• ප්‍රකාශ පත්‍රය උපත සිදුවූ ප්‍රදේශයේ ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්ට ඉදිරිපත් කරන්න.
• ප්‍රකාශ පත්‍රය ඉදිරිපත් කළ යුත්තේ,
- උප්පැන්නය හිමි තැනැත්තා
- පියා හෝ මව
- නීත්‍යානූකුල භාරකරු
- උප්පැන්න සටහනේ ඇති යම් විස්තරයක් ගැන අතෘප්තියට පත් තැනැත්තෙකු
• ප්‍රකාශ පත්‍රයට සැපයිය යුතු ගාස්තුව රු. 60/- කි.
• ප්‍රකාශ පත්‍රයට, සංශෝධනය කිරීමට අපේක්ෂිත උප්පැන්න ලේඛණයේ සහතික පිටපතක් අනිවාර්යෙන්ම අමුණා තිබිය යුතුය.
• ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම සඳහා ලිඛිත සාක්ෂි ඒ සමඟ ඉදිරිපත් කරන්න. ප්‍රකාශ පත්‍රයෙන් කරන ලද ඉල්ලීමෙහි නිර්ව්‍යාජ බව සනාථ කිරීම ලබා ගත හැකි ලිඛිත සාක්ෂි සමහරක් පහත දැක්වේ.
- මව්පියන්ගේ විවාහ සහතිකය
- දරු නාමාවලිය/සහෝදර නාමාවලිය
- පියාගේ/මවගේ උප්පැන්න සහතිකය
- මව්පියන්ගේ විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකුගේ උප්පැන්නයක්
- විවාහ ලියාපදිංචි කිරීමෙන් පසුව උපන් දරුවකු නොමැති විට විෂය වූ දරුවාට වැඩිමහල් හෝ බාල දරුවකුගේ උප්පැන්නය
- ආරෝග්‍යශාලා, මාතෘ නිවාස වල ඇති සටහන් වල සහතික පිටපත් හෝ වින්නඹු මාතාවගේ ලේඛනවල පිටපත්
- ශිෂ්‍ය කාර්ය දර්ශනය, ළමයින් ඇතුළත් කිරීමේ ලේඛණයේ උපුටනය
- විෂය සහ මව්පියන්ගේ නම් ඇතුළත් ඡන්ද නාමාවලියේ පිටපතක්
- පියා මියගොස් ඇති විටෙක ඔහුගේ මරණ සහතිකය














