අනුමාන වයස් සහතික නිකුත් කිරීම

  • උපත ලියාපදිංචි කිරිම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති වයස අවුරුදු 50 ට පුද්ගලයින් සඳහා අනුමාන වයස් සහතික නිකුත් කරනු ලැබේ.
  • අනුමාන වයස් සහතික නිකුත් කරනු ලබන්නේ,

            - රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන්

            - රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන වෙනත් පුද්ගලයන් භාරයේ වෙසෙන ළමුන්

  • රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි

            - ළමා නිවාස පාලක/පාලිකාවගේ දිවුරුම් ප්‍රකාශය

            - රජයේ වෛද්‍ය නිළධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය

            - ළමයා සම්බන්ධ විස්තර ඇතුළත් වෙනත් ලියවිලි (තිබේනම් පමණි.)

  • රජයේ අනුමත ළමා නිවාසයක නේවාසික නොවන ළමුන් ප්‍රකාශ පත්‍රය සමඟ ඉදිරිපත් කළ යුතු ලියවිලි

            - භාරකරුගේ/භාරකාරියගේ දිවුරුම් ප්‍රකාශය

            - ළමයා භාරකරුවන් භාරයේ සිටින බව තහවුරු කරන,

                      ග්‍රාම නිළධාරිගේ සහතිකයක් හෝ

                      පරිවාස හා ළමාරක්ෂක නිළධාරිගේ සහතිකයක් හෝ

                      සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සහතිකයක් හෝ

                     පොලිස් ස්ථානාධිපති විසින් නිකුත් කරන ලද සහතිකයක්

             - රජයේ වෛද්‍ය නිලධාරියකු විසින්, ළමයාගේ වයස නිගමනය කර නිකුත් කරන ලද, වෛද්‍ය සහතිකය

             - සෞඛ්‍ය වර්ධන සටහන් පත්‍රය

             - ළමයා පාසැල් යන්නේ නම්, පාසලට ඇතුලත් කර ගැනීමේ ලේඛණයේ පිටපතක්

  • තවදුරටත් විස්තර අවශ්‍ය වේ නම් ළඟම පිහිටි ප්‍රා‍දේශීය ලේකම් කාර්යාලයේ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හමුවන්න.
  • අනුමාන වයස් සහතිකයක් නිකුත් කළ හැක්කේ වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයින් සඳහා පමණි.

News & Events

14
ජූනි2026
ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ජාත්‍යන්තර සාම පාගමනේ යතිවරයාණන් වහන්සේලා ගලිගමුව අප කාර්යාලයට වැඩමවීම අපට ගෞරවයක්

ගලිගමුව ප්‍රාදේශීය ලේකම් සුසන්ත හේරත් මැතිතුමාගේ උපදෙස්...

06
ජූනි2023
ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

ගලිගමුව පොසොන් උදානය - බැති ගී සරණිය -2023

පොසොන් පොහොය නිමිත්තෙන් “ගලිගමුවේ පොසොන් උදානය -...

Scroll To Top